• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යලයේ ඉදි කිරීමට යෝජිත ශික්ෂණ රෝහල

හමුදා රෝහල්වල පවතින පුහුණු වෛද්‍ය නිලධාරින්ගේ හිඟයට පිළියම් සෙවීමේ අරමුණින් මෙම ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධි පාඨමාලාවක් ආරම්භ කොට ඇති අතර, 2013 අගෝස්තු මාසය වන විට සායනික පත්වීම් ලබන වෛද්‍ය ශිෂ්‍යයින්ට පහසුකම් සැපයීම සඳහා යෝජිත ශික්ෂණ රෝහලේ  ඉදි කිරීම් කටයුතු කඩිනම් කළ යුතුව ඇත. එම කාර්යය සඳහා රාජ්‍ය බැංකුවක් වෙතින් එ.ජ.ඩොලර් 201,629,000 (ආසන්න වශයෙන් රුපියල් බිලියන 26) ක ණය මුදලක් ලබා ගැනීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන ඇමතිතුමා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.