• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොදු රාජ්යර මණ්ඩලයීය තරුණ සමුළුව

2013 නොවැම්බර් මස 15 සිට 17 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව නොවැම්බර් මස 10 සිට 14 දින දක්වා හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ සමුළුව පැවැත්විමට කටයුතු යොදා ඇත. මෙම සමුළුව සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් 54 ක් සහභාගි වනු ඇති අතර, එහි සමාරම්භක උත්සවය සඳහා දේශීය හා විදේශීය නියෝජිතයන් 1,500 ක් පමණ සහභාගි වනු ඇත. මෙම සමුළුව පැවැත්වීම පිළිබඳ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය, ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.