• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අ.පො.ස.(උ.පෙළ) සඳහා නව තාක්ෂණ විෂය ධාරාව මහින්දෝදය තාක්ෂණ විද්යාවගාර සහිත තෝරාගත් ද්විතීයික පාසල් 200 ක ආරම්භ කිරීම සහ ඊට අවශ්යව මානව සම්පත් ලබා ගැනීම

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැනි අදාළ ආයතනවල එකඟතාව මත, මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර පහසුකම් ලබා දී ඇති, තෝරාගත් ද්විතීයික පාසල් 200 ක නව තාක්ෂණ විෂය ධාරාව හඳුන්වා දීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.  එක් ඡන්ද කොට්ඨාසයකට අවම වශයෙන් එක් පාසලක් හිමි වන පරිදි පාසල් තෝරාගෙන ඇත. මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු  කරගෙන යාම සඳහා අධ්‍යාපන අමාත්‍ය, ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා සහ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය, ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.