• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල පනත යටතේ සකස් කළ නියෝග සංශෝධන

2012 අංක 2 දරන පනත මඟින් සේවක අර්ථසාධක යෝජනා ක්‍රමය පිළිබඳව රජය විසින් මෑතදී සිදු කළ සංශෝධනයන්ට අනුව සේවකයින් වෙත ප්‍රතිලාභ සලසා දීම පිණිස අදාළ නියෝග සඳහා නව සංශෝධන හඳුන්වා දිය යුතු වේ.  ඒ අනුව කම්කරු කොමසාරිස් ජනරාල් විසින් දැනට පවත්නා සේව්‍ය කේන්ද්‍රීය අර්ථසාධක අංකය වෙනුවට ජාතික හැඳුනුම්පත් අංකය හඳුන්වා දීමට නියමිත අතර, නව නියෝග යටතේ සෑම සේවකයකුම ඔහුගේ හෝ ඇයගේ වම් සහ දකුණු මාපටඟිල්ලෙහි ඇඟිලි සලකුණු විද්‍යුත් සටහනක් ආකාරයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම අවශ්‍ය වේ. අංක 1810/20 හා 2013‑05‑13 දින දරන ගැසට් නිවේදනය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගරු ගාමිණී ලොකුගේ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.