• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍යංශය සහ තායිලන්තයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය අතර විද්‍යාත්මක හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම

දෙරටේ ජාතික ආර්ථික සංවර්ධනය සඳහා විද්‍යා හා තාක්ෂණ අංශයෙහි වැදගත්කම සහ විද්‍යා හා තාක්ෂණ අභිවෘද්ධිය උදෙසා දායකවීමේදී පොදු අභිලාෂයන් සපුරාගනු පිණිස දෙරට අතර ඇති කර ගත යුතු සහයෝගීතාවෙහි වැදගත්කම මෙම අවබෝධතා ගිවිසුම තුළින් පිළිගෙන ඇත. ඉහත ගිවිසුමට අත්සන් තැබීම සඳහා තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති  අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.