• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2013 පොදු රාජ්ය මණ්ඩලයීය රාජ්යර නායකයින්ගේ රැස්වීම ශ්රීා ලංකාවේ පැවැත්වීම - (CHOGM)

1976 වසරේදී ශ්‍රී ලංකාව විසින් පස්වන නොබැඳි ජාතීන්ගේ සමුළුව සඳහා සත්කාරකත්වය ලබාදීමෙන් පසුව ශ්‍රී ලංකාවේ පවත්වන විශාලතම ජාත්‍යන්තර සමුළුව මෙය වේ.  මෙම රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් පෙර සූදානම් වීමේ කටයුතු රාශියක් මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර, අමාත්‍ය මට්ටමින් ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා පහත සඳහන් කමිටු පත්කිරීමට විදේශ කටයුතු අමාත්‍ය ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

*       ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සභාපතිත්වය යටතේ වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සංසදය පිළිබඳ කමිටුව.

*       යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන  අමාත්‍ය ගරු ‍ඩලස් අලහප්පෙරුම  මැතිතුමාගේ සභාපතිත්වය යටතේ වන පොදු රාජ්‍ය මණ්ඩලයීය යෞවන සංසදය පිළිබඳ කමිටුව.

*       ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ගරු කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමාගේ සභාපතිත්වය යටතේ වන  මාධ්‍ය හා මහජන සම්බන්ධතා පිළිබඳ කමිටුව.