• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බේස්ලයින් මාර්ග සංවර්ධන ව්යාකපෘතිය යටතේ අවතැන් වූ පුද්ගලයින් පදිංචි කර ඇති කිරුළපන, ඩී.එම්. කොළඹගේ මාවතේ පිහිටි ඉඩම මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලබාදීම

බේස්ලයින් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අවතැන් වූ පුද්ගලයින් පදිංචි කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින්, නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 03 ක පමණ ප්‍රමාණයකින් යුත් ඉඩමක් උපයෝගි කරගෙන ඇත.  බේස්ලයින් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉඩම් අහිමි වූ පාර්ශ්වයන් වෙත ඔප්පු ලබාදීම පිණිස එකී ඉඩම මාර්ග සංවර්ධන අධිකාරිය වෙත සින්නක්කර පදනම මත ලබාදීම සඳහා, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන ඇමතිතුමා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.