• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජපාන මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන - 2013

ඉහත වැඩසටහන 2013 වසරේදී ක්‍රියාත්මක කිරීම පිණිස, ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 192 ක මුදලක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 245 ක්) ප්‍රදානයක් වශයෙන් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වී ඇත. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ, ශ්‍රී ලංකාවේ සමාජීය හා ආර්ථික සංවර්ධනය කෙරෙහි ඵලදායී ආකාරයෙන් සිය දායකත්වය ලබාදීමට හැකිවන පරිදි, පිළිගත් ජපන් විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපන වැඩසටහන් සඳහා සහභාගිවීමට රජයේ නිලධාරීන් හට අවස්ථා සැලසීම තුළින් මානව සම්පත් සංවර්ධනය පිණිස සහාය වීමයි. අදාළ කාර්යය සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ ජපාන නියෝජිත ආයතනය (JICA) සමඟ ප්‍රදාන ගිවිසුමකට ඇතුළත් වීම සඳහා, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.