• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
චීන සංවර්ධන බැංකු සංස්ථාව සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුම
ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා චීන සංවර්ධන බැංකු සංස්ථාව විසින් එ.ජ. ඩොලර් මිලියන 580 ක මූල්‍යාධාර 2013 වසරේදී ලබාදීමට නියමිතය. චීන සංවර්ධන බැංකු සංස්ථාව සහ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය අතර ඉහත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.