• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2013 - ජගත් පරිසර දිනය සැමරීම
1992 වසරේදී බ්‍රසීලයේ පැවැත්වුණු ජගත් මිහිතල සමුළුවේදී පාරිසරික සම්මුතිවලට අත්සන් තැබූ ශ්‍රී ලංකාව ඇතුළු සියලු රාජ්‍යයෝ ජුනි මස 05 වන දින ජගත් පරිසර දිනය සැමරීමට බැඳී සිටිති. ඒ අනුව 2013 ජුනි මස 05 වන දිනට යෙදී ඇති ජගත් පරිසර දිනය සමරනු වස්, අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ දිස්ත්‍රික්ක මට්ටමින් සියලු පළාත් පාලන ආයතන හා රජයේ ආයතන වල එකමුතුවෙන් මුළු දිවයිනම ආවරණය වන පරිදි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. පාසල් සිසුන් 5,000 ක් ද මෙම වැඩ සටහන සඳහා සහභාගීවනු ඇත. මෙම වැඩ සටහනට අදාළ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.