• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීම
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් 43 කින් සමන්විත වන අතර, එහි ජනගහනය 13,859 කි. මෙම ප්‍රදේශයේ වෙසෙන ජනතාවට වඩා හොඳ පහසුකම් සැලසීමේ අරමුණින්, 2014 වර්ෂයේ මධ්‍යකාලීන වියදම් රාමුව යටතේ, රුපියල් මිලියන 23.37 ක පිරිවැයකින් මෙම ව්‍යාපෘතියට අදාළ ඉදිරි කටයුතු කර ගෙන යාම සඳහා, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය, ගරු ‍ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.