• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හම්බන්තොට නව දිස්ත්‍රික් ලේකම් සඳහා නව නිල නිවසක් (දෙමහල්) ඉදිකිරීම
හම්බන්තොට දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12 කින් ග්‍රාම නිලධාරි වසම් 576 කින් යුක්තවන අතර, එම දිස්ත්‍රික්කයේ මුළු ජනගහනය 596,617 කි. 2013 වර්ෂය වෙනුවෙන් ලබාදී ඇති අයවැය ප්‍රතිපාදන මඟින් ව්‍යාපෘති පිරිවැයෙන් කොටසක් පියවාගත හැකි නම්, ඉහත ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර ගෙන කරගෙන යාමටත්, එසේ කළ නොහැකි නම්, මෙම කාර්යය සඳහා 2014 අයවැය තුළ ප්‍රතිපාදන සලසා ගැනීමටත්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය, ගරු ‍ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.