• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හුලංදාව වම කහම්බාන මාර්ගය ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය (යූවීඑම්එම්සී 803) ඌව පළාත - ලෝක බැංකුව විසින් අරමුදල් සපයන පළාත් මාර්ග ව්‍යාපෘතිය
ලෝක බැංකුව විසින් ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල මාර්ග ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා එ.ජ. ඩොලර් මිලියන 105 ක මුදලක් වෙන්කර ඇත. අමාත්‍ය මණ්ඩලය මඟින් පත් කරනු ලබන ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි, මෙම ණය මුදලින් කොටසක් හුලංදාව වම කහම්බාන මාර්ගය ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා යොදා ගැනීම පිණිස, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය, ගරු ඒ.එල්.එම්.අතාවුල්ලා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.