• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලෝක බැංකුව විසින් අරමුදල් සපයනු ලබන මාර්ග අංශයේ සහායක ව්‍යාපෘතිය
පහත සඳහන් මාර්ග කොටස්වලට අදාළ පුනරුත්ථාපන හා වැඩිදියුණු කිරීමේ කටයුතු කරගෙන යාම පිණිස, වරාය හා මහාමාර්ග ඇමතිතුමා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: * පෑලියගොඩ සිට මහබාගේ (කි.මී. 0.6 සිට කි.මී. 9.0 දක්වා) සහ * මහබාගේ සිට ජා-ඇළ දක්වා (කි.මී. 9.0 සිට කි.මී. 18.31 දක්වා)පෑලියගොඩ - පුත්තලම මාර්ගය (A3) ; * කොළඹ - ගාල්ල මාර්ගයේ (A2) මැලිබන් මංසන්ධියේ සිට කුරුස හන්දිය දක්වා (කි.මී. 13.275 සිට කි.මී. 18.480 දක්වා) සහ කුරුස හන්දියේ සිට පානදුර පාලම දක්වා (කි.මී. 0 සිට කි.මී. 0.080 දක්වා) (AB 011); සහ * කොළඹ-ගාල්ල මාර්ගයේ (A2) ානදුර පාලමේ සිට නල්ලූරුව මංසන්ධිය දක්වා (කි.මී. 25.240 සිට කි.මී. 30.300 දක්වා) සහ කුරුස හංදියේ සිට පානදුර පාලම දක්වා (කි.මී. 0.080 සිට කි.මී. 6.780 දක්වා) - (AB 011).