• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ යෝජිත ශික්ෂණ රෝහල
මෙරට හමුදා වෛද්‍ය සේවයේ ඇති අවශ්‍යතාවන් සපුරාලීම පිණිස ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් වෛද්‍ය ශිෂ්‍ය භටයින් සඳහා වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධි පිරිනැමීමේ නව වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, 2013 අගෝස්තු මාසය වන විට සායනික පත්වීම් ලබන වෛද්‍ය ශිෂ්‍ය භටයින් පුහුණු කිරීම සඳහා මෙම විශ්වවිද්‍යාලයේ යෝජිත ශික්ෂණ රෝහල ඉතා කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය වී ඇත. මෙම රෝහල මඟින් විදේශීය රටවල රෝගීන් සඳහා ද සේවාවන් සැපයීමට අපේක්ෂා කරන අතර, ශ්‍රී ලාංකික රෝගීන් විසින් විශාල ලෙස විදේශ මුදල් වැය කරමින් විදේශයන්හි සිදුකර ගන්නා අතිනවීන වෛද්‍ය පරීක්ෂණ මෙරටදීම කරවා ගැනීමට ඉඩප්‍රස්තා සැලසීමට ද අපේක්ෂිතය. එලෙසම ආබාධිත රණවිරුවන් උදෙසා උසස් මට්ටමේ කායික චිකිත්සාවන් ද මෙම රෝහලෙන් සැපයෙනු ඇත. ‍ රජයේ බැංකු මඟින් සලසා දෙනු ලබන මුදල් උපයෝගී කරගනිමින්, එ.ජ. ඩොලර් මිලියන 201.6 ක(දළ වශයෙන් රුපියල් බිලියන 26 ක) පිරිවැයකින් මෙම ව්‍යාපෘතියට අදාළ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන ඇමතිතුමා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.