• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ඉදිකෙරෙන ශ්‍රී පර්වතාරාම (බුද්ධවනම්) බෞද්ධ තේමා උයන (Buddhist Theme Park) සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ලබාදීම
ආන්ද්‍රා ප්‍රදේශයේ සංචාරක, මාධ්‍ය හා සංස්කෘතික අමාත්‍යාංශය මඟින් ආරම්භ කර ඇති මෙම ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණ වන්නේ විවිධ රටවල බෞද්ධාගමට සම්බන්ධ ‍‍ඓතිහාසික අවස්ථා හා සුවිශිෂ්‍ට ආගමික නිර්මාණයන් ඇතුළත් කොට අන්තර්ජාතික මට්ටමේ සංස්කෘතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමයි. රුපියල් මිලියන 7.98 ක පිරිවැයකින් මෙම ව්‍යාපෘතියට අදාළ ඉදිරි කටයුතු කරගෙන යාම පිණිස සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය, ගරු ටී.බී.ඒකනායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.