• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාතර යෞවන උද්‍යානයක් ස්ථාපිත කිරීම
රටේ තරුණ ප්‍රජාවට සිය විවේක කාලය ඵලදායී ලෙස ගත කිරීමට ඉඩකඩ සැලසීම පිණිස වඩා පරිසර හිතකාමී වටාපිටාවක් තුළ ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින්, ජාතික තරුණ සේවා සභාවට 2013 වසර සඳහා වෙන්කර ඇති මූල්‍ය ප්‍රතිපාදන උපයෝගී කරගනිමින්, රුපියල් මිලියන 80 ක පිරිවැයකින් මාතර, එළියකන්දේ පිහිටි ඉඩම් කොටසක යෞවන උද්‍යානයක් පිහිටුවීම සඳහා, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය, ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.