• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2013 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව - මාධ්‍ය සහ ප්‍රචාරණය සඳහා වන අනුකමිටුවේ කාර්යභාරය
2013 නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සංවිධානය කිරීමට පත්කර ඇති කාර්යසාධන බලකායේ, මාධ්‍ය හා ප්‍රචාරණය සඳහා වන අනුකමිටුවට පැවරී ඇති - * සමුළුව සඳහා වන නිල ලාංඡනය හඳුන්වාදීම සහ සමුළුවේ නිල වෙබ් අඩවිය නිර්මාණය කර පවත්වාගෙන යාම; * දේශීය සහ විදේශීය ජනමාධ්‍යවේදීන් 1,200 කට පමණ පහසුකම් සපයන මෙම සමුළුවේ නිල මාධ්‍ය මධ්‍යස්ථානය නිර්මාණය කිරීම සහ පවත්වාගෙන යාම; සහ * ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රතිරූපය ඉහළ නංවමින් ජනතාව දැනුවත් කිරීම; යන කාර්යයන් ඉටුකිරීමට අදාළ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය, ගරු කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.