• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තෙළඹුයාය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පුළුල් කිරීම
අබාධිතයන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 05 ක් මෙරට ඇති අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි තෙළඹුයාය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉන් එකකි. එම ආයතනය මඟින් කෘෂිකර්මය, මැහුම්, බේකරි නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික හා වඩු කර්මාන්තය යන අංශයන්ගේ දෑවුරුදු පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කෙරේ. පහත සඳහන් ඉදිකිරීම්වලට අදාළ ඉහත කොන්ත්‍රාත්තුව, එකී ඇස්තමේන්තුවේ ගාස්තු ප්‍රමාණයන්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව විසින් අනුමත කිරීමටත්, ඉදිකිරීම් වැඩ නියමිත කාල පරාසය තුළ නිම කිරීමටත් යටත්ව, රුපියල් 174,820,800.00 ක පිරිවැයකට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට පිරිනැමීම සඳහා, සමාජ සේවා අමාත්‍ය ගරු ෆීලික්ස් පෙරේරා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: *පිරිමි අභ්‍යාසලාභීන් 100 ක් සඳහා නේවාසිකාගාරයක් ඉදිකිරීම; *ගැහැනු අභ්‍යාසලාභීන් 100 ක් සඳහා නේවාසිකාගාරයක් ඉදිකිරීම; සහ *මුළුතැන්ගෙයක් සහ අභ්‍යාසලාභීන් 300 ක් සඳහා භෝජනාගාරයක් ඉදිකිරීම;