• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාසල් නිල ඇඳුම් රෙදි දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්නන් පිළිබඳ වාර්තාව
පාසල් නිල ඇඳුම් වශයෙන් බෙදාදීම පිණිස වාර්ෂිකව අවශ්‍ය නිල ඇඳුම් රෙදි ප්‍රමාණය මීටර් මිලියන 11.7 කි. 2014 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රමාණයෙන් 80% ක් සැපයීම දේශීය නිෂ්පාදකයින් වෙත ලබාදීමට ද, ඉතිරි 20% ක ප්‍රමාණය අමු රෙදි වශයෙන් ගෙන්වා දේශීය රෙදි සකස් කරන්නන් මඟින් මෙරටදී සකස් කිරීම සඳහා හෝ එසේ බැරිවන අවස්ථාවන්හිදී පමණක් එකී 20% ආනයනය කිරීමටත්, මේ වෙනුවෙන් පත් කරන ලද අමාත්‍ය කමිටුවේ සභාපති වශයෙන් යහපාලනය හා යටිතල පහසුකම් පිළිබඳ (ජ්‍යෙෂ්ඨ) අමාත්‍ය, ගරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමා විසින් කරන ලද කෙටිකාලීන නිර්දේශය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 2015 වසරේ පටන් පාසල් නිල ඇඳුම් රෙදි සම්පූර්ණ අවශ්‍යතාව දේශීය නිෂ්පාදකයන් වෙතින් ප්‍රසම්පාදනය කරනු ලබන බව තහවුරු කිරීම පිණිස අදාළ බලධාරීන් විසින් ක්‍රියා කරනු ඇත.