• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ රසායනික අනතුරු වැළැක්වීමේ හා පෙර සූදානම් වීමේ වැඩ සටහනක් සකස් කිරීම සඳහා වූ ව්‍යාපෘතිය
පවත්වන ලද කාර්මික සංගණනයකට අනුව ශ්‍රී ලංකාවේ මේ වන විට විශාල, මධ්‍ය හා කුඩා පරිමාණ රසායනික කර්මාන්ත දහසකට (1,000) ආසන්න සංඛ්‍යාවක් පිහිටුවා ඇත. මෙකී රසායනික කර්මාන්ත සහ ඒවායේ ක්‍රියාකාරකම් මඟින් සිදුවිය හැකි හදිසි අනතුරු වැළැක්වීමට හෝ පාලනය කිරීමට, පෙර සූදානම් ක්‍රියාවලීන් සකස් කිරීම අවශ්‍ය වී ඇත. එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන මඟින් පිහිටුවන ලද අන්තර්ජාතික රසායනික ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව වූ උපායමාර්ගික ප්‍රවේශය සඳහා වූ ලේකම් කාර්යාලය විසින් එ.ජ. ඩොලර් 224,834.00 ක මුදලක් ප්‍රදානයක් වශයෙන් ලබාදීමට කැමැත්ත පළ කර තිබේ. මේ පිළිබඳව ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.