• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත

- දැනට තාවකාලිකව ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශවල පදිංචිවී සිටින, උතුරු පළාතේ අවතැන් වූ තැනැත්තන්, ඔවුන්ගේ පෙර පදිංචිය සනාථ කිරීම පිණිස නියම කර ඇති කරුණු සතුටුදායක ලෙස සපුරාලීම මත, ඡන්ද හිමියන් වශයෙන් ලියාපදිංචි වීමට හැකිවනු පිණිස ව්‍යවස්ථා සම්පාදනය කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා, අධිකරණ අමාත්‍ය, ගරු රාවුෆ් හකීම් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.