• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උගන්ඩාවේ, කම්පාලාහි දී ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල කාර්යාලයක් පිහිටුවීම

- අප්‍රිකාව සමඟ අප පවත්වන සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳ රජයේ ප්‍රතිපත්තියට අනුකූලව, ශ්‍රී ලංකාවේ නේවාසික රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල කාර්යාලයක් උගන්ඩාවේ පිහිටුවීම අවශ්‍ය බැවින්, උගන්ඩාවේ කම්පාලා නුවර එකී නේවාසික දූත මණ්ඩල කාර්යාලයක් පිහිටුවීම සඳහා, විදේශ කටයුතු අමාත්‍ය, ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.