• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ බෙලාරුස් හි විදේශ කටයුතු අමාත්‍යාංශය අතර උපදේශන පැවැත්වීම පිළිබඳ අවබෝධතා ගිවිසුම

- මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව හා බෙලාරුස් අතර සමීප හා මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම හා වර්ධනය කිරීම වේ. ඉහත අවබෝධතා ගිවිසුම, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ  බෙලාරුස් හි විදේශ කටයුතු අමාත්‍යාංශය අතර අත්සන් තැබීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය, ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.