• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වවුනියා මණ්ඩපයේ පම්පෙයිමඩු පෙරසවි දෙමහල් දේශන ශාලා ඉදිකිරීම - යාපනය විශ්වවිද්‍යාලය

- විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිකිරීමේ හේතුවෙන් අතිරේක ඉඩකඩ පහසුකම් සැලසීම පිණිස, රුපියල් මිලියන 59.‍37 ක මුළු පිරිවැයකින් යාපනය විශ්වවිද්‍යාලයේ පෙරසවි දෙමහල් දේශන ශාලා ඉදිකිරීම සඳහාත්, එම ව්‍යාපෘතිය 2013 වසරේ ආරම්භ කොට  මාස හයක් (06) ඇතුළත නිම කිරීම සඳහාත්, උසස් අධ්‍යාපන අමාත්‍ය, ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.