• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බෙල්ජියානු ණය ආධාර මගින් මොණරාගල - බුත්තල ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

- මෙම යෝජිත ජල සම්පාදන යෝජනා ක්‍රමය මගින් බුත්තල සහ මොණරාගල වෙසෙන 50,000 ක පමණ පාරිභෝගිකයන් සංඛ්‍යාවකට නළ ජල පහසුකම් සැපයෙන අතර, එමඟින් ප්‍රදේශයේ වාණිජ හා කර්මාන්ත ක්ෂේත්‍රද ආවරණය වනු ඇත. ඉහත කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහාත්, එම කාර්යය උදෙසා විදේශීය හා දේශීය අරමුදල් සලසා ගැනීම පිණිස විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට දැනුම්දීම සඳහාත්, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.