• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුත්තෙට්ටුගල - හිරිපිටිය (බී 300) මාර්ගයේ කි.මී. 0 සිට කි.මී. 18.50 දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම සහ උත්ශ්‍රේණිගත කිරීම

- දේශීය කොන්ත්‍රාත්කරුවන් යොදවා ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනට, මුත්තෙට්ටුගල - හිරිපිටිය මාර්ග කොටස ඇතුළත් කිරීමටත්, අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි පිරිනැමීමටත්, මෙම කාර්යය සඳහා දේශීය බැංකුවලින් අරමුදල් ලබා ගැනීමටත්, වරාය හා මහාමාර්ග අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.