• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජිත අන්තර්ජාතික ස්වාභාවික කෙඳි පිළිබඳව වූ සමුළුව

- මෙම සමුළුව 2013 නොවැම්බර් මස පළමුවන සතිය තුළ ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිණිස ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් කර ඇති ඉල්ලීමක් දැනුම් දෙමින් සහ එකී සමුළුව යෝජිත පරිදි ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන බව දන්වමින්, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය, ගරු ජගත් පුෂ්පකුමාර මැතිතුමා විසින් සටහනක් මගින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන ලදී.  ගුවන් ගමන් ගාස්තු සහ හෝටල් ගාස්තු, අදාළ රටවලින් පැමිණෙන නියෝජිතයන් විසින් දරනු ලැබේ.