• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගුවන් යානා ආපදාවකදී සෝදිසි කටයුතු හා බේරා ගැනීමේ සේවය ශ්‍රී ලංකාව හා ඒ ආසන්න රටවල් වන ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව හා මාලදිවයින අතර සෝදිසි කටයුතු හා බේරා ගැනීමේ සැලසුම්

- ශ්‍රී ලංකාව අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සම්මුතියේ (චිකාගෝ සම්මුතිය - 1944) පාර්ශ්වකරුවකු වන බැවින්, එහි දැක්වෙන අන්තර්ජාතික ප්‍රමිතීන් හා නිර්දිෂ්ට පරිචයන් ඵලදායී අයුරින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට ශ්‍රී ලංකාව වගකීමෙන් බැඳී සිටී.  අවශ්‍ය අවස්ථාවන්හි දි අන්‍යෝන්‍ය සහයෝගීතාවෙන් සහ සම්බන්ධීකරණයෙන් යුක්තව සෝදිසි කටයුතු සහ බේරා ගැනීමේ සේවාවන් සැලසීම සඳහා රජය සතු හැකියාව ශක්තිමත් කිරීම සඳහා අසල්වැසි රාජ්‍ය සමඟ ගිවිසුම්වලට එළඹීම අවශ්‍ය වේ.  ඉහත සඳහන් කාර්යය උදෙසා, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව සහ මාලදිවයින් සමඟ එවැනි විධිවිධානවලට එළඹීම සඳහා, සිවිල් ගුවන් සේවා අමාත්‍ය, ගරු පියංකර ජයරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.