• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ව්‍යවසායකත්ව අධ්‍යයනය විෂයය ඉගැන්වීම සඳහා ශික්ෂණ ‍විද්‍යා පාඨමාලාව සහිත ව්‍යවසායකත්ව හා කළමනාකරණ අධ්‍යයනය පිළිබඳ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයක් ආරම්භ කිරීම

- ව්‍යවසායකත්ව අධ්‍යයනය විෂයය ඉගැන්වීම පුහුණු කිරීම පිණිස වාණිජ්‍යය විෂයය පිළිබඳ පාඨමාලාවක් පැවැත්විය හැකි වන පරිදි මහරගම ගුරු විදුහල, ව්‍යවසායකත්ව හා කළමනාකරණ අධ්‍යයනය පිළිබඳ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයක් වශයෙන් උත්ශ්‍රේණිගත කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය, ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.