• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විදේශීය ශිෂ්‍යයන් සඳහා වන ශ්‍රී ලංකා රජයේ ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන

- හඳුනාගත් රටවල් 48 ක විදේශ සිසුන් සඳහා 2011 වසරේ පටන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ශිෂ්‍යත්ව 100 ක් පිරිනැමීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබාදී ඇත.  විදේශ සිසුන් සඳහා ලබා දෙන පහසුකම් වැඩිකිරීමටත්, මෙම ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් ලබන රටවල් අතරට, ඕමානය, උගන්ඩාව, ඉතියෝපියාව, එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, අයිස්ලන්තය, ස්වාසිලන්තය, සීෂෙල්ස් සහ බුකිනාෆාසෝ යන රටවල් 10 ද  අලුතින් ඇතුළත් කිරීම සඳහා, උසස් අධ්‍යාපන අමාත්‍ය, ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.