• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩා හා සුළු කර්මාන්තයන්හි නායකත්ව සහ ව්‍යවසායකයින් නංවාලීමේ ව්‍යාපෘතිය අදියර III (චක්‍රීය අරමුදල) යටතේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම

- ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන ජපාන බැංකුව සමඟ වන ගිවිසුමේ විධිවිධාන ප්‍රකාරව, කුඩා හා සුළු කර්මාන්තයන්හි නායකත්ව සහ ව්‍යවසායකයින් නංවාලීමේ ව්‍යාපෘතිය අදියර III (චක්‍රීය අරමුදල) යටතේ ලැබෙන මුදල්, කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයින්ට ණය ලබාදීම පිණිස චක්‍රීය අරමුදලක් ලෙස යොදාගත යුතුය.  මහා භාණ්ඩාගාරය විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්නා මෙකී චක්‍රීය අරමුදලින් මිලියන 300 ක් මෙම වසරේදී මෙම කාර්යය උදෙසා උපයෝගි කර ගැනීම පිණිස වෙන්කර ඇත.  මෙකී චක්‍රීය අරමුදලින් ණය ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම පිණිස සහ සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත ණය ලබාදීම පිණිස, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, ගරු රිෂාඩ් බදියුදීන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.