• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම මගින් ඩෙංගු නිවාරණයේදී අන්තර් ආංශික සහභාගීත්වය

ඩෙංගු රෝගය පැතිරයාම වළක්වාලීම පිණිස ප්‍රධාන වශයෙන් පහත සඳහන් කරුණු පිළිබඳව අමාත්‍යාංශ විසින් ගනු ලබන ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය

දිස්ත්‍රික් හා කොට්ඨාස මට්ටමින් නිතිපතා පවත්වනු ලබන සම්බන්ධීකරණ රැස්වීම්වලට පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගිවීම; සහ

*  වැඩි අවදානම් සහිත ග්‍රාම නිලධාරි කොට්ඨාසවල සිදු කෙරෙන පවිත්‍රතා කටයුතුවලදී සෞඛ්‍ය හා අනෙකුත් බලධාරීන්ට සහාය වීම.

 

සෞඛ්‍ය අමාත්‍යාංශය

*  අනෙකුත් අංශ සම්බන්ධීකරණය සහ පහසුකම් සැලසීම.

*  කල්තියා රෝග නිර්ණය කිරීම සහ වසංගත පාලනය කිරීම; සහ

* සෙසු අදාළ අංශ සමඟ එක්වී කටයුතු කරනු ලබන  ග්‍රාමීය කමිටු පිහිටුවීම;


පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය

*  සියලුම පළාත් පාලන බලප්‍රදේශ තුළ කසල ප්‍රතිචක්‍රීයකරණ ක්‍රමවේදයක් හඳුන්වාදීම.


පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය (පළාත් පාලන ආයතන මාර්ගයෙන්)

*  කසල නිසි ලෙස බැහැර කිරීම; සහ

*  පළා‍ත් පාලන ආයතන මට්ටමින් ඩෙංගු සමාලෝචන රැස්වීම් පැවැත්වීම්.


රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය (දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන්)

*  සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකම මදුරු මර්දන කමිටු පිහිටුවීම; සහ

*  දිස්ත්‍රික් සහ කොට්ඨාස මට්ටමින් අන්තර් ආංශික රැස්වීම් නිතිපතා පැවැත්විම.


අධ්‍යාපන අමාත්‍යාංශය

*  පාසල් පරිශ්‍ර අඛණ්ඩව පිරිසිදු කිරීම.