• Increase font size
  • Default font size
  • Decrease font size

2024-03-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබන පවුල් සවිබලගැන්වීමේ වැඩසටහන
- 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ විධිවිධාන අනුව සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයක් පිළියෙල කොට ක්‍රියාත්මක කිරීම පිණිස 2023-04-17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබන පවුල් අවුරුදු 03ක් ඇතුළත ආර්ථික, සමාජීය හා මානසික වශයෙන් සවිබලගැන්වීම අරමුණු කර ගනිමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එකී වැඩසටහනේ මූලික අදියර වශයෙන් දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රතිලාභී පවුල් 16,000ක් ඉලක්ක කර ගනිමින් ආසියානු සංවර්ධන බැංකු හා ලෝක බැංකු මූල්‍ය ආධාර සහ දේශීය අරමුදල් මඟින් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටත්, එකී නියමු ව්‍යාපෘතියෙහි ප්‍රතිඵල මත පදනම්ව සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල හඳුනාගත් ප්‍රතිලාභී පවුල් සවිබලගැන්වීම සඳහා අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.