• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුව සඳහා කාර්ය නිර්ණේය අනුදේශ සහ කාර්යසාධක බලකායක් පිහිටුවීම
- මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුව, අදාළ රාජ්‍ය ආයතන, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, නියාමන අධිකාරීන් සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ප්‍රයත්නවලට සම්බන්ධකරුවන්ගේ නියෝජිතයින්ගෙන් සමන්විත වේ. ජාතික සම්බන්ධීකරණ කමිටුවේ පවතින ක්‍රියාවලිය විධිමත් කිරීම පිණිස එම කමිටුව සඳහා වන කාර්ය නිර්ණේය අනුදේශ කෙටුම්පත් කර ඇත. මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේදී පැන නැගෙන ගැටලු සඳහා විසඳුම් සෙවීමේදී රාජ්‍ය ආයතන, මූල්‍ය ආයතන, නියාමන අධිකාරීන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් අතර ඵලදායී සම්බන්ධීකරණය සහතික කිරීම සඳහා කාර්යසාධක බලකායක් පිහිටුවීම අත්‍යවශ්‍ය බව ද හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ජාතික සම්බන්ධීකරණ කමිටුව සඳහා යෝජිත කාර්ය නිර්ණේය අනුදේශ සඳහාත්, කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීම සඳහාත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.