• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදනය සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරන ලද ගොවිපොළවලින් බිත්තර ආනයනය කිරීම
- දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදනය සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත් බිත්තර ඉන්දීය ගොවිපොළ වෙතින් බිත්තර ආනයනය කිරීම සඳහා 2023-08-14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, මේ වන විට සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් බිත්තර මිලියන 155ක් ආනයනය කර ඇති අතර, 2023-12-31 දිනට පෙර තවත් බිත්තර මිලියන 18ක ප්‍රමාණයක් ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබ ඇත. මේ වන විට දේශීය විවෘත වෙළෙඳපොළ තුළ බිත්තර සිල්ලර මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බැවින්, සත්ත්ව නිෂ්පාදනය සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනටමත් නිර්දේශ කරනු ලැබ ඇති ඉන්දියානු ගොවිපොළවලින් තවදුරටත් බිත්තර ආනයනය කිරීම පිණිස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.