• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
පෞද්ගලික අංශය මඟින් කීරි සම්බා සහල් වර්ගයට සමාන GR 11 සහල් වර්ගයෙන් සහල් මෙට්‍රික්‌ටොන් 50,000ක් ආනයනය කිරීමට අවස්ථාව ලබා දීම
- වෙළෙඳපොළේ සහල් මිල පාලනය කිරීම සඳහා ආහාර ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශය පරිදි සහල් මෙට්‍රික්‌ටොන් 50,000ක් ආනයනය කිරීම පිණිස 2023-11-20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, දේශීය වෙළෙඳපොළේ කීරි සම්බා සහල් සහ සම්බා සහල්වල මිලෙහි තරගකාරිත්වයක් ඇති කරමින්, මිලෙහි වාසිය පාරිභෝගිකයාට ලබා දීමේ අරමුණින් කීරි සම්බා සහල්වලට සමාන GR 11 සහල් මෙට්‍රික්‌ටොන් 50,000ක් පෞද්ගලික අංශය මඟින් ආනයනය කිරීම පිණිස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.