• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
ඩිජිටල් සංවර්තනය සඳහා වූ ආයතනික ප්‍රතිසංස්කරණ
- ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්තනය තුළ වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක වීමටත්, එහි ප්‍රතිඵල ලබා ගැනීමටත්, පුළුල් බලතල සහිත ආයතනයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, රජයේ ඩිජිටල් සංවර්තන ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා උපායමාර්ගික හා ප්‍රතිපත්තිමය නායකත්වය ලබා දීම, ආයෝජන උපදෙස් ලබා දීම සහ අධීක්ෂණය සඳහා ඩිජිටල් සංවර්තන නියෝජිතායතනය පිහිටුවීමටත්, ජාතික කෘත්‍රීම බුද්ධි උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම සඳහා ඩිජිටල් සංවර්තන නියෝජිතායතනයේ කොටසක් ලෙස කෘත්‍රීම බුද්ධිය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීමටත් හැකි වන පරිදි 2003 අංක 27 දරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනතට අවශ්‍ය සංශෝධන හඳුන්වා දිය යුතුව තිබේ. ඒ අනුව, සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.