• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
ජාතික ගගන නාවික සෙවීම් සහ මුදවා ගැනීම් සැලසුම සඳහා අනුමැතිය
- 2010 අංක 14 දරන සිවිල් ගුවන්සේවා පනතේ විධිවිධාන පරිදි සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් ජාතික ගගන නාවික සෙවීම් හා මුදවා ගැනීමේ සැලැස්ම සකස් කරනු ලැබ ඇති අතර, එය අංක 2347/02 දරන 2023 08 28 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් රෙගුලාසියක් වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එකී රෙගුලාසිය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.