• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
නුවරඑළිය, මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික්කවල තෝරාගත් වතු පාසල්වල උසස් පෙළ ළමුන් සඳහා සුහුරු පන්ති කාමර 60ක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය
- වසර දෙකක කාලයක් තුළ නුවරඑළිය, මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික්කවල තෝරාගත් වතු පාසල්වල උසස් පෙළ ළමුන් සඳහා සුහුරු පන්ති කාමර 60ක් ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා දීමට ඉන්දීය රජය එකඟතාව පළ කර ඇත. එකී නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලැබී තිබේ. ව්‍යාපෘතියෙහි ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 526.20ක් වන අතර 2024 වර්ෂය සඳහා රුපියල් මිලියන 310ක ප්‍රතිපාදන වෙන් වී ඇත. ඒ අනුව, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය අතර ගිවිසුමකට එළඹීම පිණිස ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.