• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
විදේශ රැකියා අපේක්ෂිතයන් සඳහා යාපනය, හෝමාගම සහ අම්පාර යන ප්‍රදේශවල පුහුණු/විගමනික සම්පත් මධ්‍යස්ථාන පිහිටුවීම
- විදේශ රැකියා අපේක්ෂකයින් සඳහා කඩිනම් මෙන්ම ගමනාන්ත රට ඉලක්ක කර ගත් විශේෂිත පුහුණු වැඩසටහන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පවත්වනු ලබයි. දැනට දිවයින පුරා කුලී පදනමින් ලබා ගත් ගොඩනැගිලිවල අවම පහසුකම් යටතේ මෙම පුහුණු වැඩසටහන් පවත්වාගෙන යනු ලැබේ. එබැවින්, එතෙර රැකියාවලට යොමු වීමට අපේක්ෂා කරනු ලබන්නන්ට අවශ්‍ය පුහුණුව ලබා දීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයටම අයත් වන පරිදි පුහුණු මධ්‍යස්ථාන යාපනය, හෝමාගම සහ අම්පාර යන ප්‍රදේශවල ස්ථාපිත කිරීම පිණිස කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.