• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මගින් බඩඉරිඟු ආනයනය කිරීම
- විවෘත ‌වෙළෙඳපොළේ ප්‍රමාණවත් බඩඉරිඟු තොග නොමැති වීම හේතුවෙන් කුකුළු කෑම නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල හිඟයක් පවතී. ඒ සඳහා තාවකාලික පියවරක් ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් බඩඉරිඟු මෙට්‍රික්ටොන් 15,000ක් ආනයනය කිරීම සඳහා සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව වෙත අවශ්‍ය බලපත්‍රය ලබා දී ඇත. ඒ අනුව, සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මගින් ලියාපදිංචි විදේශ සැපයුම්කරුවන් වෙතින් බඩඉරිඟු මෙට්‍රික්ටොන් 15,000ක උපරිමයකට යටත්ව, ප්‍රසම්පාදනය කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.