• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රදාන ආධාර යටතේ ක්‍රියාත්මක වන වර්ධනය සඳහා යහපාලනය වැඩසටහනේ සහ වෙළෙඳපොළ සංවර්ධන පහසුකම් වැඩසටහනේ කාලසීමා දීර්ඝ කිරීම
- වර්ධනය සඳහා යහපාලනය වැඩසටහන සහ වෙළෙඳපොළ සංවර්ධන පහසුකම් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර 2017 වර්ෂයේදී ගිවිසුමකට එළඹ ඇත. එකී වැඩසටහන් දෙක සඳහා තවත් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 42.1ක අතිරේක ප්‍රදානයක් ලබා දීමට ඕස්ට්‍රේලියානු රජය එකඟතාව පළ කර තිබේ. ඒ අනුව, එම ප්‍රදානය ලබාගෙන එම ව්‍යාපෘති දෙක තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය සමඟ අනුබද්ධ විධිවිධානයන්ට එළඹීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.