• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නව නියමයක් නිකුත් කිරීම
- ඇතැම් ප්‍රාග්ධන ගනුදෙනු සහ ජංගම සංක්‍රාමවලට අදාළ ප්‍රතිමුඛ ප්‍රේෂණ 2020 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට/සීමා කිරීමට හැකි වන පරිදි 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නියමයක් නිකුත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඉන් අනතුරුව, එකී නියමයේ වලංගු කාලසීමාව අවස්ථා කිහිපයකදී දීර්ඝ කිරීමට පියවර ගනු ලැබ ඇති අතර, වත්මන් නියමයේ වලංගු කාලය 2023-12-27 දිනෙන් අවසන් වීමට නියමිතව තිබේ. වත්මන් නියමයේ දක්වා ඇති අත්හිටුවීම්/සීමා කිරීම් පවත්වා ගනිමින් ප්‍රතිමුඛ ආයෝජන ගිණුම් හරහා සේවා නියුක්තිකයන්ගේ කොටස් අයිති යෝජනා ක්‍රමවල හෝ සේවා නියුක්තිකයන්ගේ කොටස් මනාප යෝජනා ක්‍රමවල ආයෝජනය කිරීම සඳහා තනි නේවාසික පුද්ගලයන් සඳහා පැවති අත්හිටුවීම් ඉවත් කරමින්, 2023-12-28 දින සිට බලාත්මක වන පරිදි තවත් මාස 06 කාලසීමාවක් සඳහා නව නියමයක් නිකුත් කිරීමටත්, එලෙස නිකුත් කරන නියමය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත්, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.