• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
දම්මාම් ගුවන්තොටුපොළෙහි දී සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන්යානා සඳහා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන්යානා සඳහා දම්මාම් ගුවන්තොටුපොළෙහි ගුවන්යානා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තුව 2023-12-31 වන දිනෙන් අවසන් වීමට නියමිතව ඇත. දැනට එහි සිටින එකම ගුවන්යානා ඉන්ධන සැපයුම්කරු වන Modern Consortium for Refuelling Aircraft Co. Ltd. (MCRA) සමාගම වෙතින් පමණක් මිල ගණන් කැඳවා තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව ඍජු කොන්ත්‍රාත්වක් වශයෙන් ප්‍රදානය කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.