• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු සඳහා වන සංශෝධන
- 2024-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි වීමේ සීමාව වර්ෂයකට බදු අය කළ හැකි සැපයුම්වල සමස්ත වටිනාකම රුපියල් මිලියන 80 සිට රුපියල් මිලියන 60 දක්වා අඩු කිරීම සඳහාත්, එකතු කළ අගය මත බදු අනුපාතය 15% සිට 18% දක්වා වැඩි කිරීම සඳහාත් විධිවිධාන පනවමින් 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම පිණිස 2023 10 30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. නීති කෙටුම්පත් සම්පාදක විසින් අදාළ සංශෝධන ඇතුළත් කර සංශෝධන පනත් කෙටුම්පත, කෙටුම්පත් කර ඇති අතර, ඒ සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, එම සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.