• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
පූනකරි වැව මතුපිට ස්ථාපනය කිරීමට යෝජිත මෙගාවොට් 700ක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
- පූනකරි වැවේ සිට නව කිලිනොච්චි ග්‍රිඩ් උපපොළ දක්වා අවශ්‍ය සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම ඇතුළුව 100%ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සහිත මෙගාවොට් 700ක සූර්ය බලශක්ති බලාගාරයක් සංවර්ධනය කිරීම සඳහා යුනයිටඩ් සෝලර් එනර්ජි සමාගම විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගැනීමටත්, ව්‍යාපෘති යෝජනාව ඇගයීමට සහ බලශක්තිය මිල දී ගැනීමේ ගාස්තු තීරණය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීමටත් 2023-09-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව යුනයිටඩ් සෝලර් එනර්ජි සමාගම සමඟ යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහ ඊට අදාළව විදුලිය මිල දී ගැනීමේ ගිවිසුමකට අත්සන් තැබීම පිණිස‍ විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.