• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
යාපනයේ කුඩා දූපත් හි දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති ඉදිකිරීම
- යාපනය අර්ධද්වීපයේ ඩෙල්ෆ්, නයිනතිව් සහ අනලතිව් යන දූපත්වල පදිංචිකරුවන්ට විදුලිය සැපයුම ලබා දීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 11ක පාර්ශ්වීය ප්‍රදානයක් ශ්‍රී ලංකා රජයට සැපයීමට ඉන්දීය රජය කැමැත්ත පළ කර තිබේ. ඒ අනුව, එළඹි අවබෝධතා ගිවිසුමේ කොන්දේසි අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු කොන්ත්‍රාත්කරුවන්ගෙන් පමණක් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාව ඇගයීමට ලක් කර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව එකී කොන්ත්‍රාත්තුව U-Solar Clean Energy Solutions (Pvt) Ltd. සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.