• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
ඉඩම් අවසරපත්‍ර හා දීමනාපත්‍රලාභීන්ට රජයේ ඉඩම්වල පරම අයිතිය ලබා දෙන ''උරුමය වැඩසටහන''
- ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ අවසරපත්‍ර හා දීමනාපත්‍ර ලබා දී ඇති ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට තමන් භුක්ති විඳින හෝ සංවර්ධනය කරන ලද ඉඩම් සඳහා පරම අයිතිය නොමැති වීමෙන් අදාළ භූමිය මානව හා සංවර්ධන අවශ්‍යතාවන්ට යොදවා ගැනීමේදී විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදුවී ඇත. එබැවින්, එම ගැටලු අවම කර ගැනීම සඳහා එවැනි ඉඩම්වල පරම අයිතිය ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට ලබා දීම පිණිස පවතින නීතිමය රාමුව තුළ අවශ්‍ය පියවර ගැනීමට සහ 2024 වර්ෂය ආරම්භයේදී එකී වැඩපිළිවෙල ආරම්භ කර වසර කිහිපයක් තුළ සම්පූර්ණයෙන්ම නිම කිරීමට හැකි වන පරිදි "උරුමය වැඩසටහන" නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස 2024 අයවැය කථාවේදී ගරු ජනාධිපතිතුමා විසින් යෝජනා කරන ලදී. එම වැඩසටහන අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එමඟින් පවුල් ලක්ෂ විස්සකට නේවාසික හා ගොවි බිම්වල පරම අයිතිය ලබා දීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, අදාළ පියවරයන් අනුගමනය කරමින් ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ අවසරපත්‍ර හා දීමනාපත්‍ර ලබා දී ඇති ඉඩම් කොටස් සඳහා රජයේ ඉඩම් ආඥාපනතේ 2 වගන්තිය යටතේ පරම අයිතිය සහිත ප්‍රදාන පත්‍රයක් නිකුත් කිරීම පිණිස සංචාරක හා ඉඩම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.