• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
- සීනි ආනයනයේදී බලපැවැත්වූ කිලෝග්‍රෑමයට ශත 25ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයට රුපියල් 50/- දක්වා ඉහළ නැංවීම සඳහා 2023-10-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, එකී තීරණය බලාත්මක කිරීම පිණිස 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තියේ විධිවිධාන යටතේ 2023-11-01 දිනැති අංක 2356/20 දරන අතිවිශෙෂ ගැසට් නිවේදනය මඟින් පනවනු ලැබ ඇති නියමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.